Bionet
විද්‍යා විෂය ධාරාව ඔස්සේ වැදගත් වන ලිපි අන්තර්ගතය
Monday, December 27, 2010
Saturday, December 25, 2010
සුපෝෂණය වන අපේ ජලාශ(Eutrophication)
ර්ශ්රී ලංකාවේ බොහොමයක් අභ්‍යන්තර ජලාශ වල මෙම තත්වය දැකිය හැක.උසස් පෙල ජීව විද්‍යා විෂය පථය ඔස්සේ ද හමු වන මෙම මාතෘකාව කාලීන මෙන්ම සාකච්ඡාවට බදුන් විය යුත්තක් යැයි මම කල්පනා කරමි. මාගේ අරමුණ , අනාගතයේ උග්‍ර විය හැකි වර්ථමානයේ ද අඩු වැඩි වශයෙන් විවිධ පලාත් වල හමු වන සුපෝෂණය නැමති පාරිසරික ගැටලුව පිළිබද නව අදහසක් දීමයි.
වගා බිම් වලට යොදන නයිට්රේට , පොස්පේට වැනි අකාබනික පොහොර වර්ෂා ජලය මගින් සේදී ඇවිත් මතුපිට ජලාශ වලට එකතු වීම නිසා ඒවායේ ජලය අධික සරු භාවයකට පත් වීම සුපෝෂණය(Eutrophication) යන්නට ලබා දිය සරලතම තේරුම් කර දීමකි.මෙහි ප්‍රධානතම ලක්ෂණය වන්නේ ජලයේ හරිත ඇල්ගී සහ සයනොබැක්ටිරීයා වර්ධනය අධික වී ජලය කොළ පැහැ වීමයි.මෙනිසා ජලය තුල විවිධ විෂ ද්‍රව්‍ය සෑදේ.අලුයම් කාළයේ ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය සෑහෙන පමණ අගයකට අඩුවේ.(ශාක ප්ලවාංග අලුයම කාලයේ ඔක්සිජන් අවශෝෂණය කර කාබන් ඩයොක්සයිඩ් පිට කරයි.)මේ නිසා සතුන් මිය යයි.ජලයේ සත්ව විවිධත්වයද අඩු වේ.මෙසේ මිය යන සත්ව සිරුරු වියෝජනය කිරීමට ක්ෂුද්‍ර ජීවින් ගේ ක්‍රියාකාරීත්වය ඉහල යයි.එබැවින් ජලයේ BOD අගය විශාල අගයකින් අඩු වේ.මිය ගිය සත්ව සිරුරු වියෝජනයේදී ඇති වන හයිඩ්රජන් සල්ෆයිඩ් , ඇමොනියා වැනි වායු නිසා මහා අප්‍රසන්න දුගදක් ඇති වේ.
මෙසේ කියන විට ඔබට බේරෙ වැව මතක් වෙනු නොඅනුමානය. ඇත්තටම සුපෝෂණයෙන් ජලාශයකට වන්නට පුලුවන් උපරිම විනාශය එයයි. බේරෙ වැවේ ජලය බොන්නට තබා අත සේදීමට වත් දැන් සුදුසු නොවේ.ජලය ඉතා අපිරිසිදුය. දුගදකින් යුක්තය.ජලජ සතුන් මෙන්ම ජලජ ශාකද විනාශ වී ගොස් ඇති බැවින් ජලාශ වල සුන්දරත්වයද නැතිවී ගොසින්ය.දැනට බේරෙ වැව මිය ගිය ජලාශයකි. මොහොතකට සිතන්න, නොබො දිනකින්ම අපේ ප්‍රධාන ජලාශ කීපයකටම මේ ඉරණම අත් වුවහොත් ............ මේ නිසා අපේ ජීව රුධිර ධාතු වන් වැව් , ජලාශ වල දිගු කාලීන පැවැත්ම උදෙසා ක්‍රියාත්මක වැඩ පිලිවෙලක් අවශ්‍ය වේ.කෘෂිකර්මාන්තයේදී පොහොර,කෘමිනාශක ආදිය භාවිතය පිළිබදව මීට වඩා කල්පනාකාරී වන්නේ නමි ජලජ පරිසර පද්ධතින්ට ඇති විය හැකි මෙවැනි තර්ජන මගහරවා ගත හැක. ගෝලීය වටපිටාවක් තුල හිදගෙන වුවද අතීත කෘෂිකර්මාන්තය දෙස හැරී බලන්නෙකුට ඉන් ගත හැකි පාඩම් බොහෝය. කල යුත්තේ ඒ අදහස් නව තාක්ෂණික දැනුම හා මුසු කර නව විසදුම් සොයා ගැනීමයි.
Akalanka Nuwan Madusanka
Joseph Vaz College - Wennappuwa
(2009-Jan)
Subscribe to:
Posts (Atom)